- Back to Home »
-
කැත කලු
Posted by :
හුලං
Friday, 22 July 2011
කැතයි කැතයි කැතම කැතයි,
කලුයි කලුයි කලුම කලුයි.
කලුයි හින්ද කැතම කැතයි
කලුයි කැතයි කැතම කලුයි
උන් කියනව
මේක කැතයි, පේන් නැද්ද කලු පාටයි
සුදු යි ලස්සන
ලස්සනම ලස්සන සුදෝ සුදු සුදු
සුදු වගේ ලස්සන පාට අතරේ
කලු කියන්නෙ පාටක් වෙන්නත් බැරිලු
කොහොමටවත් අදහන්න බැරිලු
කලු මෙච්චර කැත වුනේ කෝමද කියලත්
කලු කැත ඇයි කියල මට තේරෙන් නෑ
ඒත් ඒ අය නෙ දන්නෙ
සුදු ලු ලස්සන
කලු කැතයි
සුදු ඇතුලෙ ලෝකෙ තියෙන හැම පාටම තියෙලු
සුදු හැදෙන්නෙ ඒ ඔක්කොම කවලම් වෙලා ලු
ඒත් කලු හිස්ම හිස් ඇතුලෙ මොකුත්ම නෑ
මම කියනව,
කලුයි සුදුයි අතරෙ නෙවිද ඔය පාට ඔක්කොම තියෙන්නෙ
කලු නැතිනම්, අතර මැදක් නෑ.
මැදත් නැත්නම් පාටත් නෑ,
සුදු විතරයි. තනි සුදු
උඹ දන්න ඉටි ගෙඩියක් තියේද
උන් කිව්වා
සුදු තමයි ලස්සනම
කලු කැතයි, කැතම කැතම කැතම කැතයි.
ඒත්
ඒක එහෙමද?
ලස්සනයි හොඳයි
ReplyDeleteබෝම ස්තූතියි සහෝදරයා!!!
ReplyDelete(බොරුවට හරි ඒම කීවට ;-))