- Back to Home »
- මැරෙන්න කලින් ජීවත් වෙන්න,
ස්ටීව් ජොබ්ස් නම ඔබ අසා තිබෙන්නට හෝ නොතිබෙන්නට පුලුවන්. නමුත් ඇපල් සමාගම ගැන නම් නියත වශයෙන් අසා ඇති. ස්ටීව් පෝල් ජොබ්ස් තමන්ගෙ හොඳම මිත්‍රයෙක් වුනු ස්ටීව් වොස්නියැක් සමඟ එකතු වෙලා තමන් වැඩියෙන් ආස කරන පලතුරේ නමින්, ඇපල් සමාගම ආරම්භ කලා. පික්සාර් සජීවීකරණ චිත්‍රාගාරය ආරම්භ කලා. ඒ සියල්ලටත් වඩා ඔහු ඉතා අපූර්ව මනුස්සයෙක්. ඒ දේවල් ගැන ඔහුගේ වචනයෙන් ම දැනගන්න ඔබට පුළුවන්. මේ තියෙන්නෙ ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ 2005 අවුරුද්දේ උපාධි ප්‍රධානෝත්සවයේ ආරාධිතයෙක් වශයෙන් පැමිණ කල කථාවේ සිංහල පරිවර්තනයක්.
ඔබ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලයකින් උපාධිය හිමිකරගන්නා වේලාවේ ඔබත් සමඟ රැදෙන්නට ලැබීම මා ලැබුනු විශාල ගෞරවයක් විදියට සලකනවා. ඇත්තම කියනවනම් මේ තමයි ජීවිත කාලයටම මම විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක ආසන්නයට වත් පැමිණි අවස්ථාව. අද මම ඕගොල්ලන්ට කියන්න යන්නෙ මගේ ජීවිතයෙන් ගත්තු කතන්දර තුනක්. ඔව්, පුංචි කතන්දර තුනක් විතරයි.
ඒ කාලෙදි මම ඒක දැක්කෙ නෑ, ඇත්තටම ඇපල් සමාගමෙන් ඉවතට වැටීම තමයි මට සිද්දවෙන්න පුළුවන් හොදම දෙය වුනේ. සාර්ථක මිනිසෙක් වීමෙන් දරන්නට සිදුව තිබූ බර වෙනුවට ආධුනිකයෙක් සතු වගකීමෙන් තොර සැහැල්ලුව මට දැනෙන්න වුනා. මගේ ජීවිතයේ බොහෝම නිර්මාණාත්මක කාල පරිච්ඡේදයකට මේ සිදුවීම මාව ගෙන ගියා.
මීලඟ අවුරුදු 5 ඇතුලෙදි මම නෙක්ස්ට් නම් සමාගම ආරම්භ කලා, පික්සාර් නමින් තවත් සමාගමක් ආරම්භ කලා, ඒ වගේම මම බිරිඳ කරගත් ඒ පුදුමාකාර තරුණිය මට හමුවුනා. පික්සාර් සමාගම ලෝකයේ ප්‍රථම පරිගණක සජීවීකරණ චිත්‍රපටිය වන ‘ටෝයි ස්ටෝරි‘ වල වැඩ ඇරඹුවා. අද වෙනකොට ලෝකයේ සාර්ථකම සජීවීකරණ චිත්‍රාගාරය තමයි පික්සාර්. පුදුමාකාර විදියට සිදුවීම් වෙනස් වෙද්දි ඇපල් සමාගම විසින් නෙක්ස්ට් සමාගම මිලදී ගත්තා. මම ආපසු ඇපල් සමාගමට එකතු වුනා. අපි නෙක්ස්ට් තුල දියුණු කරපු තාක්ෂණය තමයි දැන් ඇපල් සමාගමේ ඇතිවෙලා තියෙන පුනරුදයේ හදවත වෙලා තියෙන්නේ. ඒ වගේම අද ලොරේනුත් මමත් බොහොම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.
මට හොඳටම විශ්වාසයි ඇපල් සමාගමෙන් මාව අස් කලේ නැත්නම් මේ කිසි දෙයක් මේ විදියට සිද්ධ නොවෙන බව. ඒක හරියට හරිම තිත්ත බෙහෙතක් වගෙයි, නමුත් මම හිතනවා රෝගීයාට ඒ බෙහෙත අවශ්‍යමයි කියල. සමහර වෙලාවට ජීවිතය ඔබේ ඔලුවට ගඩොලකින් පහර දෙනවා. ඒ වෙලාවෙදි ඔයාගේ විශ්වාසය නැති කරගන්න එපා. මම කරපු දේට ආදරය කිරීම තමයි මාව ඉදිරියට ගෙනිච්චෙ කියල මම තේරුම් අරන් තියෙනවා. ඔයාල ආදරය කරන්නෙ මොනවටද කියල ඔයාල හොයාගන්න ඕන. මතක තියාගන්න ඔයාලගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය සම්බන්දයෙන් වගේම ඔයාල කරන වැඩ සම්බන්දයෙනුත් ඒක ඇත්තක්. ඔයා කරන වැඩ ඔයාගෙ ජීවිතයෙන් බොහෝම ලොකු කොටසක් අයිති කර ගන්නවා. එතනදි ඔයාට සන්තෝස වෙන්න පුලුවන් එකම විදිය තමයි ඔයා බොහෝම වැදගත් කියල සලකන වැඩක් තෝරාගැනීම. ඒ වැදගත් දේ කරන්න පුලුවන් වෙන්නෙ ඔයා ඒ වැඩේට ආදරය කලොත් විතරමයි. තවමත් ඔයාට ඒ වැඩේ සොයාගන්න බැරි වුනානම්, නවතින්න එපා, දිගටම සොයන්න. හදවතත් එක්ක සිද්ධ වෙන අනික් ගනුදෙනු වගේම තමන් ආදරය කරන ඒ වැඩය හදවත හඳුනාගනීවි. බොහෝම හොඳ සබඳකමකදි වගේම මෙයත් කාලය ගතවන්නම වන්නට තවත් තව තවත් හොඳ වෙනවා. ඒ නිසා එය සම්බවනතුරුම සොයන්න. කොහොමවත් නවත්වන්න එපා.
මගේ තුන් වන කතාව මරණය ගැනයි.
මට අවුරුදු 17දී වැකියක් කියෙව්වා මම මේ වගේ අදහසක් තියෙන, “ඔබ සෑම දිනක්ම ඔබේ අවසාන දිනය ලෙස සිතනවනම්, යම් දවසක එය අනිවාර්යයෙන්ම ඇත්තක් වේවි“. ඒක මං තුල හැඟීමක් ඇති කලා. එදා පටන් පසුගිය අවුරුදු 33 පුරාවටම මම හැම උදයකම කණ්නාඩිය දිහා බලලා මගෙන්ම අහනවා, “ මේ මම ජීවත් වෙන අන්තිම දවස නම් මම අද කරන්නට සිතා සිටින දෙයම මම කරාවිද?“, මේකට මං සතු උත්තරය එක දිගට දින ගණනාවක්ම “නෑ“ වුනානම් මම දන්නවා මොනව හරි වෙනස් කරන්න වුවමනා බව.
මම බොහොම ඉක්මනින් මැරෙන බව මතක තියා ගත්ත එක තමයි බොහොම ලොකු තීරණ ගනිද්දි මට උදව් කල හොඳම දේ වුනේ. මරණයේ මුහුණ ඉදිරියෙදි තමන්ගෙ තත්වය, බාහිර බලාපොරොත්තු, බැණුම් අහන්න පරදින්න තියෙන බය වගේ තවත් ගොඩාක් දේවල් නැතිවෙලා යනවා. මරණය ඉදිරියෙ අපි ගාව ඉතිරි වෙන්නෙ ඇත්තටම වැදගත් දේ විතරයි. ඔයා ගාව නැතිවෙන්න දෙයක් තියෙනවා කියල හිතෙන උගුලෙන් ගැලවෙන්න තියෙන හොඳම විදිය තමයි ඔයා මැරෙන බව හිතේ තියා ගැනීම. ඔයා දැනටමත් ඉන්නෙ නිරුවතින්. ඉතින් ඔයාගෙ හදවත කියන දේ නොකරන්න ඔයාට කිසිම හේතුවක් නෑ.
දැනට අවුරුද්දකට කලින් මට පිළිකාවක් තියෙන බව විනිශ්චය කලා. උදේ 7.30ට කරපු පරිලෝකනයෙන් මගේ අග්න්‍යාශයේ තියෙන පිළිකාව බොහොම පැහැදිලිව පෙන්නුවා. අග්න්‍යාශය කියන්නෙ මොකක්ද කියල වත් මම දැනන් හිටියෙ නෑ. ඒක බොහෝ දුරට සුව කරන්න බැරි විදියෙ පිළිකාවක් බවත් තව මාස තුනත් හයත් අතර කාලයකට වඩා ජීවිතය ගැන බලාපොරොත්තු තියන්න බැරි බවත් වෛද්‍යවරු මට කිව්වා. ගෙදර ගිහින් කටයුතු එකලාසයක් කරගන්න කියලා ඔවුන් මට කිව්වා. වෛද්‍යවරුන් වෙන විදියකින් මට ඒ කීවෙ මැරෙන්න සූදානම් වෙන්න කියලා බව මම දන්නවා. තවත් කියනවනම් ඒ කිව්වෙ ඊළඟ අවුරුදු 10පුරා ඔබ ඔබේ දරුවන්ට කීමට සිතා සිටින දේවල් මේ මාස කීපය තුලදී කීමට උත්සහ කරන්න කියලයි. ඒ කියන්නෙ ඔබේ පවුලට සහනයක් දැනෙන පරිදි සියල්ල සකස් කරන කියලයි. අවසන් සුභ පැතුම් ඔවුනට එක් කරන්න කියලයි.
මම මුළු දවසම ජීවත් වුනේ ඒ රෝග විනිශ්චය එක්කයි. එදා හවස මාව පටක විශ්ලේශණ පරීක්ෂණයකට භාජනය කලා. පරීක්ෂා උපකරණයක් මගේ උගුරෙන් ඇතුල් කරලා මගේ බඩ ඇතුලෙන් බඩවැල් තුලටත් යැවුවා. මගේ අග්න්‍යාෂයට සියුම් ඉඳිකටු තුඩක් යවලා පිළිකා සෛල කීපයක් ඔවුන් අරගත්තා. ඔවුන් ඒවා පරීක්ෂා කරන වෙලාවෙදීත් මම සිහිසුන්වයි හිටියේ, එතැන හිටපු මගේ බිරිඳ තමයි කීවේ ඒ සෛල අන්වීක්ෂයෙන් පරීක්ෂා කරන කොට ඒ වෛද්‍යවරු අඩන්න ගත්ත කියල. ඒ මගේ පිළිකාව බොහෝම දුර්ලබ ගණයේ අග්න්‍යාෂයික පිළිකාවක් වුනු හින්දත් ඒ පිළිකාව සැත්කමකින් සුව කරන්න පුළුවන් කියලා ඔවුන් දැනගෙන හිටපු හින්දයි. ඒ වෛද්‍යවරු මාව සැත්කමට භාජනය කරපු හින්ද අද මම සුවෙන් ඉන්නවා.
ඒ තමයි මේ වන තුරු මම මරණයට වඩාත්ම කිට්ටු වුණු අවස්ථාව. මම විශ්වාස කරනව තව දසවර්ශ කීපයකට ඒක එහෙම්මම තියේවි කියලා. ඒ අත්දැකීමට මුහුණ දුන් හින්දම මරණය ගැන අදහසක් විතරක් තියාගෙන කථා කරනවාට වඩා වැඩි විශ්වාසෙකින් මට මේ දේ ඔයාලට කියන්න පුළුවන්.
කවුරුත් කැමැති නෑ මැරෙන්න. ස්වර්ගයට යන්න ලොකු කැමැත්තකින් ඉන්න අය වුනත් ස්වර්ගයට යන්න මැරෙන්න කැමැති නෑ. ඒ කොහොම වුනත් අපි හැමෝටම පොදු ගමනාන්තය තමයි මරණය. කවුරුවත්ම ඒකෙන් ගැලවිලා නෑ. ඒක එහෙමම විය යුතුයි. මොකද මරණය තමයි ජීවිතය ඇතුලෙ තියෙන හොඳම නිර්මාණය. ඒක තමයි ජීවිත වෙනස් කරන කාරකය. මරණය පරණ දේ ඉවත් කරල අලුත් දේ වෙනුවෙන් ඉඩ හදල දෙනව. මේ වෙලාවෙදි ඔය අය තමයි අළුත්, හැබැයි බොහොම ටික කාලෙකින් එන යම් දවසක ඔයාල පරණ අය විදියට ඉවත් කරාවි. නාට්‍යමය විදියට මේ දේවල් කීවට සමාවෙන්න, හැබැයි ඒක ඇත්ත.
ඔයාලගේ කාලය සීමිතයි. ඒක නිසා වෙන අයගෙ ජීවිත ගතකරන්න ඒ වෙලාව නාස්ති කරන්න එපා. වෙන අයගෙ සිතුවිලි මත ඔයාලා ජීවත් වෙන්න හදන්න එපා. අනිත් අයගේ මත වල ගෝෂාවට ඔයාගේ ඇතුලෙන් එන කටහඬ යටපත් කරන්න දෙන්න එපා. ඒ වගේම වැදගත්ම දේ තමයි, ඔයාලගෙ හදවත් සහ සහජඥාණය පවසන දේ ඔස්සේ ගමන් කරන්න ධෛර්යය තියා ගන්න. ඔයාලට ඇත්තටම වුවමනා මොකක්ද කියල ඒ අය යම් විදියකින් දන්නවා. අනිත් හැම දේම දෙවනුව තියාගන්න.
මම තරුණ කාලෙ විශ්මයජනක පොතක් තිබුනා “මුළු පෘථුවියේම නාමාවලිය“ නමින්. ඒක මගේ කාලයේ බයිබලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒක ලියල තිබුනෙ මෙතනට බොහොම කිට්ටුවෙන් පිහිටලා තියෙන මෙන්ලෝ උයනේ වාසය කරපු ස්ටීවර්ට් බ්රෑන්ඩ් කියන පුද්ගලයා. එයාගෙ කාව්‍යමය හැකියාවෙන් පොතට ජීවය එක් කරලා තිබුනා. ඒ 1960 දශකය අග භාගයේදී, පුද්ගලික පරිගණක, පරිගණක නිර්මාණකරණය එන්න කලින්. ඒ පොත හදන්න යතුරු ලියනයන්, කතුරු සහ පොලාරොයිඩ් කැමරා තමයි පාවිච්චි කරල තිබුනෙ. ඒ පොත හරියට ඇත්ත ගූගල් එලිදකින්න අවුරුදු 35කට කලින් කඩදාසි මත මුද්‍රණය කරපු ගූගලයක් වගේ. ඒක බොහොම පරමාදර්ශී, පැහැදිලි සංකේත සහ භාවිතය පහසු කරන උපක්‍රම රාශියකින් යුක්ත වුනු පොතක්.
ස්ටීවර්ට් සහ ඔහුගේ කණ්ඩායම මේ පොතේ කාණ්ඩ කීපයක්ම නිකුත් කරල තියෙනවා. ඒ පොතේ කාර්යභාරය අවසානයේදී ඔවුන් අවසන් කාණ්ඩය එලිදැක්වූවා. එතකොට 1970 දශකය මැද භාගයේ වගේ, මම ඔයාලගෙ වයසෙ විතර, ඒ පොතේ පිටිපස්සෙ කවරයෙ තිබුනෙ අභියෝග වලට කැමැති අය පාර හොයාගෙන යන්න බොහොම කැමැති වන විදියෙ ග්‍රාමීය පාරක පින්තූරයක්. ඒකට පහලින් තිබුනා මෙහෙම,“පිපාසාවෙන් සිටින්න, මොඩයෙකු සේ සිටින්න“. ඒක තමයි එයාලගේ සමුගැනීමේ පණිවුඩය වුනේ. පිපාසාවෙන් සිටින්න, මොඩයෙකු සේ සිටින්න. මම ඒ දේ හැමවිටම අනුගමනය කලා. ඉතින් අද උපාධිය අරන් ජීවිතය අළුතින්ම පටන් ගන්න ඔයාලටත් මම ප්‍රාර්ථනා කරන්නේ,
පිපාසාවෙන් සිටින්න, මෝඩයෙකු සේ සිටින්න කියලයි.
ඔයාලා හැමොටම බොහෝම ස්තූතියි.
අත්හැරපු සටන් ආයෙම පටන් ගන්න, තමන් තුල හැංගිලා තියෙන අදහස් එලියට ගන්න, ජීවිතය ගැන ආයෙමත් හිතන්න දැන් ඔබට හිතෙන බව නම් නිසැකයි. ඒ ගැන හිතන්න ඔබට ඉඩ දීලා ආයෙමත් ස්ටීව් ජොබ්ස් ගැන වචනයක් ලියන්නම්. ඇපල් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වන 56 වියැති ස්ටීව් පෝල් ජොබ්ස්, අදටත් ඔහුට සුපුරුදු කළු ටී ෂර්ට් එකත් ඩෙනිම් කලිසමත් ඇදගෙන ඇපල් සමාගමේ වැඩ කරන්න පැමිනෙන්නේ වසරකට ඩොලර් එකක පඩියටයි!
ඔන්න මම ආයෙත් ආවා. ගොඩාක් ස්තූතියි මේ වගේ ලිපියක් පල කළාට. මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මෙතුමාගේ කතාව ඉංග්‍රීසියෙනුත්, වීඩියෝ පටයක් හැටියට පල වෙච්ච තැනුත් මම ගොඩක් දැක්කා. ඒත් මේ තරම් පැහැදිලිව ඒ කතාව සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා මට මුලින්ම හම්බුනේ මෙතැනදියි. කළින් තව පළ වෙලා ඇති සමහර විට, ඒත් මට හම්බුනේ ඔබේ ලිපියෙන්. බොහොමත්ම ස්තූතියි. ඉදිරියේදී තවත් මේ වගේ වටිනා ලිපි පළ කරන්න ලැබේවා කියලා ඔබට සුභ පතනවා.
ReplyDeleteආයෙමත් කියන්න තියෙන්නෙ බොහෝමත්ම බොහොමත්ම ස්තූතියි කියලම තමයි. කොපියක් ගහන එක හෙනම හෙන බාල වැඩක්ය කියල ගොඩාක් ගොඩාක් අය හිතන බව මම දන්නව. ඒත් මොකුත්ම ලියාගන්න බැරුව ඉන්න මම මහා සාහිත්‍ය ප්‍රබන්ධයක් ලියන්න කල්පනා කරන්නෙ නෑ. මහා විසාල ගමනක් වුනත් හැදෙන්නෙ පුංචි පුංචි අඩි එකතු වෙලාය කියල මම දැනට හිතනව.
ReplyDeleteසමහර විට මේක අගටම කියවපු එකම කෙනා ඔයා වෙන්නත් ඇති. :-)