Posted by : හුලං Sunday 12 August 2012

මෙය අධීන අපරාජිත රාජ්‍යයයකට එරෙහිව දේශද්‍රෝහීන් විසින් ගෙනයනු ලබන කූට ව්‍යාපාරයන් ගැන ඉමහත් සංවේගයට පත් වූ දේශප්‍රේමී හිතක් තුල හටගත් ජාතිමාමක සිතුවිලි සමුදායකි. එම සිතුවිලි සමඟ එකග වීම හෝ නොවීම  මත ඔබ මෙම දේශය තුල දේශ ප්‍රේමියයෙත් ද දේශද්‍රෝහියෙක් ද යන්න වග තීරණය කෙරෙනු ඇත.

ලොව බලවත්ම අධිරාජ්‍යයය මාගේ රාජ්‍යයයි.
ලොව බලවත්ම අධිරාජ්‍යයයා මාගේ රජානෝය.
එතුමන් ට ඉහලින් කිසිවෙකුත් නැත.
සම තැන් ගත් කිසි කෙනෙකුන් නැත.
අසලකට වත් ලගා විය හැකි කිසිවෙකුත් නැත.

මාගේ භූමිය රුදුරු රකුසන් ගිලගෙන සිටි සමයක් විය. රාජ්‍යයයේ යුධ සේනාවෝ රකුසාට බයෙන් පැන ගියෝය. එසේ වෙත් දී නා නා විද දුෂ්කරතා මධ්‍යයයේ රකුසාට එරෙහිව තනිව සටන් වැද රකුසාගේ හිස කඳින් වෙන් කලේ එතුමායි. රකුසා විසින් බන්ධනයට ලක් කර තම දුෂ්ඨ අමානුෂික ක්‍රියාවන් සිදුකිරීමට යොදා ගත් දේශප්‍රේමීන් එම බන්ධන වලින් මුදා ගෙන නිසි තැන ලබා දුන්නේ එතුමායි. එම අභ්‍යන්තරික දේශ ප්‍රේමීයත්වය දේශද්‍රෝහී පාහරයන්ට මතු නොව දේශප්‍රේමී අපටද හඳුනාගැනීමට අපහසුය. නමදු එතුමන් ගේ අන් සිත් විධාරනය කල හැකි මනැසට මෙම දේශප්‍රේමීයත්වය අල්ප මාත්‍රයයෙන් රැදී ප්‍රාණීන් වුව හඳුනා ගත හැකිය.

එවන් මහා රකුසකුගෙන් මේ භූමිය බේරා ගත් එතුමාට මේ භූමියේ සෑම බිම් අඟලක්ම අයිතිය හිමිය. එහෙයින් එතුමාට එරෙහි වන්නෝ මේ දේශයට ද එරෙහි වන්නෝය. නැතහොත් දේශද්‍රෝහීන් ය.  එය එසේ නොවේ යැයි කියන්නේ ද මේ පාහර දේශද්‍රෝහීන් මය.

අද අපේ දේශයේ සකල සියළු ජනතාව ට කන්න අදින්න දෙන්නේ ද, හිසට සෙවනක් ලබා දෙන්නේ ද, මිල මුදල් දෙන්නේ ද මෙතුමායි. එවන් වූ මහා පරිත්‍යාගයන් සිදු කරන එතුමන් ට පින් දෙනු වෙනුවට අද මේ තුඡ්ඡ අධම දේශද්‍රෝහීන් මේ දේශයේ පියාණන්ට එරෙහිව කුමන්ත්‍රණයන් දියත් කරයි.

එතුමන් විසින් අඳුරු මුල්ලක තිබූ ජරාජීරණ ස්ථානයක සිට ලොව අංක එකේ ස්ථානය ට ගෙන ආ අප දේශය ට ඊර්ෂ්‍යාවෙන් එය අගාධයට හෙලීමට දත කන ලොව මහා බලවතුන් යැයි කියාගන්නා පර සුද්දන් ගේ කුමන්ත්‍රණයන් අප දේශය තුල දියත් කිරීමට මේ දේශද්‍රෝහීන් සැදී පැහැදී සිටී. වැඩ වර්ජන, උද්ගෝශන ආදී ලෙසින් කරලියට නැගෙන්නේ මෙකී කුමන්ත්‍රණ වල එක් එක් පියවරයන්ය.

අද නවතම කුමන්ත්‍රණ රැල්ලක් බිහි ව ඇත්තේ නිදහස් අධ්‍යාපනය නම් විශය යටතේ ය. මෙය මෙසේ වන බව නම් අප වැනි දේශප්‍රේමීන් මුල සිටම දිටීය. අප දේශයේ විරුද්ධවාදීන් විසින් වපුරන ලදව අද වන විට මහා පලිබෝධකාරකයක් බවට මෙය වර්ධනය වී ඇත. ඉන් වස විස පොවා වර්ධනය කරන්නේ දේශද්‍රෝහීන් මය.   එතුලින් කරලියට පැමිණි ඇදුරන් යයි තමන්වම හඳුන්වාගන්නා පිරිසක් අප රාජෝත්තමයාගෙන් ලැබෙන පින් පඩිය මදි යැයි කියමින් වීදි බැස ඇත. (එහෙත් මේ නිදහස් අධ්‍යාපනය නිර්ථක බව හැඳින එහි නොවැදගත් භාවය ලොවට නොවලහා කියා පාන අල්පයක් වූ දේශප්‍රේමී ශ්‍රේෂ්ඨ බුද්ධිමත් ඇදුරුතුමන් හට අපි හිස නමා ආචාර කරමු.) 

දේශප්‍රේමීන්ගේ පිබිදීමක් ඇති මෙසමයෙහි මේ පලිබෝධකාරකයට තව දුරටත් මාගේ දේශයට වින කැටීමට දේශප්‍රේමී  අප ඉඩ නොතබමු. අධ්‍යාපනය ලැබිය යුත්තේ ඊට සුදුස්සන් පමණි. ජාත්‍යාලයෙන් ඔද වැඩුනු දේශප්‍රේමී පරම්පරාවන්ට පමණක් මේ අවස්ථාව දිය යුතුය. දේශයේ වාසනාවට බිහිව ඇති මෙවන් දේශප්‍රේමීන් ට දේශය විසින් මහැගි සැප සම්පත් ධන නිධාන නිතැතින් ම හිමි කර දෙයි. අධ්‍යාපනයට ඉහල මිලක් අය කල යුතුය. එතුලින් පින් පඩි ගෙන පින් බත් කන දේශද්‍රෝහී පරම්පරා වල වුන්ට තව දුරටත් අධ්‍යපන වරම් ලැබීම නවතා දැමිය හැකිය. එමෙන්ම අධ්‍යපනය ලැබීමට පරම සුදුස්සන්ට පෙර පින් බලයෙන් දේප්‍රේමී ලයක් ඇතිව ඉපදුනු නිසා ම දේශය විසින් හිමි කර දෙන මහත් වූ ධනස්කන්ධයෙන් කොටසක් වැය කර අධ්‍යාපනය ලැබිය හැකි වනු ඇත. 

නිදහස් අධ්‍යාපනයේ මුදුන් මුලටම පොරෝ පහර වදින විට ඉන් පොෂණය වෙමින් සිටියවුන් කඩි ගුලක් මෙන් ඇවිස්සී ඇත. එසේ වන බවද අප දනිමු. මාවත් පුරා වදන් කොල ඇලවෙන්නේද වීදි බැස කෑ කෝ ගසමින් උද්ගෝෂන කරන්නේද තම තිබිරි ගෙයි අවසානයේ ආරම්භය දැක වියරු වැටුනු දේශද්‍රෝහීන් ය. වයසින් බාල වුන් ද මේවා ට එක් වෙති. එහෙත් නයි විශ නයි විශම බව අපි දනිමු. ඇතැමුන් හඩා වැලපෙන්නේ ද, සියදිවි හානි කර ගැනීමේ සන්දර්ශන පවත්වන්නේ ද අප අනුකම්පාව දිනා ගැනීමටය. දැන් භූමිකම්පාවක් බවට පත්ව අප දේශයට වින කටින්නේ අප තුල පෙර වූ අනුකම්පාවමය. අප දැන් රැවටෙන්නේ  නැත. ඔවුන් ඔවුන්ට හිමි තැන දැන ගත යුතුය.

රාජෝත්තමයානෙනි, නිදහස් අධ්‍යාපන උවදුරින් අප දේශය මුදවා ගැනීමේ සටනේදී දේශප්‍රේමී අප සැමදා ඔබ සමඟයි, 

ආයුබෝවේවා! 

{ 9 comments ... read them below or Comment }

  1. ela.....digatama liyanna. karanna puluwan echcharayi. sudu vaan valin parissam venna.

    ReplyDelete
    Replies
    1. thanks,
      dan liwillatat wada kirillai ona karanne.

      Delete
  2. Ane Hukapan
    Thota one Widihata Ammata hukawanna ape rate danamuthu janathawa lehesthi ne pakayo.
    dekata nemila arapiya ammata.

    ReplyDelete
  3. Uba wage Kattiya jaathika aparadakarayo

    ReplyDelete
  4. Ashan randika Kiyanne Hoda porak
    eth shehan nam anthimai bn
    Mama Snx.facker

    ReplyDelete
  5. ubala wage unta erehiwa pirisak thama innawa. thopi heththa mage ratin athugewe nethnam mata inja kiyapan pahara balla. kannangara mahaththaya ethikala de thopi wage naruma heththa kala danakan api idi kiyala hithuwada pahara ballo. nidahas adyapanen igenaganna gaman thopiwage kanna depu atha hapakana unta hene wadinna wehi oona ne

    oba mithya drushtiyen midewa......! eyata asamath unoth
    obata kelawewa.........!

    ReplyDelete
  6. Anonymous mun heththa api athu gala daamu oya oya kiyana ashan randikada kauda

    ReplyDelete
  7. Ubala kawuru unath Nidahas Adyapanaya kiyanne kumantranayak
    api eka thuran karala damu
    3rd Anonymous wena kawruth newei mama
    ASHAN RANDIKA
    Ape Janadhipathi thumage namen Jaya weewa

    ReplyDelete
  8. මං ලියුවේ 2005 අවුරුද්දෙන් විතර පස්සෙ අපේ රටේ බිහිවෙච්ච දේශප්‍රේමීන් මේ දවස් වල වෙන දේවල් එක්ක හිතනව ඇතියි කියල මට හිතිච්ච දේවල් ටිකක්.

    මේ අළුතෙන් වැටුනු කොමෙන්ට් ටිකෙන් පේන්නෙ මගේ ලිවිල්ල අසාර්ථකයි කියල තමා. මේ ලියන ටික ඒ කොමෙන්ට් දාපු මහත්වරු දකීවිද දන්නෑ. වැරදිලා හරි දැක්කොතින් කියලයි මේ ටික ලියන්නෙ. පුලුවන් නම් මට සමාවෙලා ඔය වීර ඇනොනිමස් උත්තමයො ටික අමාරුවෙන් හරි මේක ආයෙම කියවල බලන්න. ඔබතුමන්ලාගේ සහජ තීක්ෂණ බුද්ධියට මේ ලියපුව අවබෝධ කරගන්න එක මහ දෙයක් නොවන බව පේනවා.

    මට තාම හිතාගන්න බැරි මේක දාලා, වේලි වේලි තිබිලත් සෑහෙන කාලෙකට පස්සෙ එක පාරට කොමෙන්ට් වැටෙන්න ගත්තෙ කෝමද කියන එක.

    ReplyDelete

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -