Archive for October 2010
"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන,
සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන..."
ගුණදාස කපුගේ මහතාගේ කටහඩින් ඇසුවෙමි.
මම නන්දා මාලනියන් ගේ ගීත ඇසෙන විට කන වසාගෙන ඔච්චම් කලෙමි.
නින්ද නැති රැයේ ගීතය ඇසෙද්දී නිදා ගත්තෙකු වීමි.
එමිනෙම් ගේ දැවැන්ත පෝස්ටරයක් එල්ලාගෙන සිටියෙමි.
මිතුරෙක් දිනෙක කෙටි පනිවුඩයක ඉහත මුල් වැකි පේලිය සඳහන් කළේය.
එදිනම මට කොත්තුත් ඕනේ බැලීමට රූපවාහිනිය ඉදිරියේ ඉදගත් මට ඒ වැකි පෙලම ගීතයක් ව ඇසුනි.
ඒ ගීතය කාගේදැයි මම අම්මාගෙන් විමසීමි.
මටම නොදැනී මගේ අදහස් වෙනස් වන සෙයකි.
ගීයක් අසන විට දැන් මට ගීයේ පද වැල් ද ඇසේ.
මිතුරාට ස්තුතියි!

ලියන්නේ මොකෙන්ද?
සිංහලෙන් ලියන්න එන්ටෙර් වුනාට ගොඩාරියක් අකුරු වෙනුවට වදින්නේ බෝල! කොම්බුවක් ගාවටත් බෝල , හල් කරත් බෝල, ඇදපිල්ල ටත් බෝලම තමයි. ඉතින් මොකොද කරන්නේ,
එක්ස් පී කවුළුවෙන් 7වෙනි කවුළුවට මාරු වෙද්දී තමයි සිංහලෙන් වෙලාව බලාගන්න පුළුවන් කියල දැනගත්තේ. දවස කවද්ද කියල බලාගන්න එහෙම ලොකු කරලා බලන කන්නාඩියක් ඕන වෙනවා වගේ වුනත් සිංහලෙන් තියෙනකොට මාර සන්තොසයි නේ. තව කව්ළුවේ අහු මුළු සුද්ද කරන කොට වැරදිලා එබුන බාෂා දණ්ඩේ සිංහලත් කොටලා තිබුන. හරි එහෙනම් සිංහලෙන් ලියන සාස්තරේ හොයාගත්තයි කියල හිතාගෙන පටන් ගත්තනේ ජාල අන්තරයේ ලියන්න තියෙන හැම අස්සක මුල්ලකම සිංහලෙන් ලියන්න. ඕන් වැඩේ. ගහන ගහන හැම තැනකම කඩ ඉරි වලින් ඇදපු බෝල. සිංහල කියන්නේ බෝල ගොඩක් කියල කව්රු හරි බිල් ගේට්ස් ට බෝලයක් වත් බස්සලද කියලත් හිතුන.
කොහොම හරි පොටක් පාදගන්න බලාපොරොත්තුවෙන් මම දෙයියෝන්ගේ පිහිට පැතුවා. අපේ ඕනෑම පුරස්නයකදී පිහිටට එන ගූගල් දෙයියෝ තමයි මට මේ වරය දුන්නේ. අමාරුවෙන් ගැට ගහගෙන මේක ලියන්නේ ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් ඉන්පුට් මෙතඩ් කියල තාක්ෂණයක් පාවිච්චි කරන ගූගල් සිංහල යතුරු පුවරුවකින්. ගූගල් දෙයියන්ට පින් සිද්ද වෙච්චාවේ!
මම ඒ ගූගල් වරය ගත්තේ මේන් මෙතනින්,
http://www.google.com/ime/transliteration/