Archive for March 2011

Anonymous said...

මොකද හිතන්නේ , මොකද හිතෙන්නේ,

ගොඩාක් කාලයක් ගොඩාක් කාලයක් බලන් ඉදලා ඉදල අන්තිමේදී කොහොම හරි ඔයා ආවා. මට කිසිම අදහසක් තිබුනේ නෑ ඔයා කොහොම කොයි වෙලේ ඒවිද කියල. කොටින්ම ඔයා ඒවි කියන විශ්වාසය වත් මම විශ්වාස කලේ නෑ. හුදකලා ලෝකයක තනිවෙච්ච කෙනෙක්ව කවද හරි පුංචි කටහඩක් ඇහුවොත් එයාට කොයිතරම් සන්තෝස හිතෙයිද? ඒ සතුට ඔයා නිසයි. ආකර්ශනීය බවක් ගෑවිලා වත් නැති වැදගැම්මකට නැති මෙලෝ රහක් නැති චරිතයක් ඇතුලේ සතුටු වෙන්න පුළුවන් පුංචි හිතක් තියෙනවා කියල ඔයා දන්නවා. ඉඩෝරයට මල් වැස්සක් කොයි තරම් ලස්සනද, ඒ තරම්ම ඔයාගේ ප්‍රතිචාරය මට ලස්සනයි. ඒ මට ලැබුණු පළමුවැනි ප්‍රතිචාරයයි. ඉතින් සතුටු නොවී කොහොමද.

මට ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටුයි!
Wednesday 2 March 2011
Posted by හුලං

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -