Posted by : හුලං Thursday 17 February 2011

නිදහස කවද්ද?
පෙබරවාරි 4 
මැයි 19
තව
අගෝස්තු 1
දෙසැම්බර් 18
තව තව
ජනවාරි 15
පෙබරවාරි 14?
එතකොට මාර්තු 21
(උපන්දිනේ)
නැත්තං පෙබරවාරි 17(අද)
තව හිතුවොත්
තව තියෙනව
නිදහස් දින
ඉස්සරහට
තව ගොඩාක්
එන්නත් තියෙනව
ඔය විදියට ඔය විදියට
හැමදාම නිදහස් දවසක්
හැමදාම හිර වෙලා හිටපු දවසක්.

{ 2 comments ... read them below or Comment }

  1. පුංචි වැරැද්දක් පෙන්නලා දෙන්නයි ආවේ. ඔබේ බ්ලොග් අඩවියේ ඉහළින් තිබෙන පාඨය The answer is my friend, blowing in the wind. නොව The answer my friend, is blowing in the wind ලෙසින් නිවැරදි වෙන්න ඕනේ මගේ මතකයේ හැටියට. Bob Dylan ගායනා කරන Blowing in the Wind ගීතය අ. පො. ස. සා/පෙ පංතියේදී ඉංග්‍රීසි සාහිත්‍යයට ඉගෙනගන්න තිබ්බා. ඒ මතකෙන් තමයි මේ comment එක ලිව්වේ. වැඩියක්ම, ඒ වැකි දෙකේ වෙනස නිසා අර්ථයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන නිසයි එය නිවැරදි විය යුතුයි කියලා හිතුණේ.

    ඔබට දිගු ගමනක් යන්නට ජය පතනවා!

    ReplyDelete
  2. ඔයාට බොහොම ස්තුතියි යාලුවේ!
    මම මේ දැන්ම ඒ වැරැද්ද හදනවා.මම Bob Dylan කියන ශ්‍රේෂ්ට ගායකයාට අපහාසයක් නොවැ කරලා තියෙන්නේ.
    මටත් ඒ පද ටික හමුවුනේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය පොතේදී තමයි. ඇත්තටම අහන දකින හැමෝම අනිවාර්යයෙන්ම කැමති වෙන ගීතයක්‌.
    ඔයාට අයෙමත් ස්තුතියි!

    ReplyDelete

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -